අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයින්ට මග කියා දෙන්න පුහුණුවක්

    පෙබරවාරි 01, 2019

    මාතලේ දිස්ත්‍රික්කයේ නක්ලස් කදු පංතිය ආශ්‍රිත ස්වභා සෞන්දර්ය විදගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සදහා සංචාරක මගපෙන්වන්නන් පුහුණු කිරිමේ තෙදින පුහුණු වැඩමුළුවක් පසුගියදා මාතලේ ලග්ගල ඉළුක්කුඹුර වන නිවහන මධ්‍යස්ථානයෙදී පැවැත්විණි

    දුම්බර මිතුරෝ සංවිධානය මගින් මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදී. න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් වැඩමුළුව සමන්විත විය. මාතලේ දිස්ත්‍රික්කයේ නක්ලස් කදුකරය ආශ්‍රිතව පාරිසරික සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් දියුණු වෙමින් පවති. නිසි මග පෙන්වීමකින් තොරව සංචාරක කර්මාන්තයේ යෙදීම නිසා සංචාරකයින් විවිධ අනතුරුවලට ලක්වු අවස්ථාවන්ද පසුගිය කාලයේදීද වාර්තා විය. මෙම පුහුණුවෙන් ලග්ගල , ඇටන්වල, පිටවල ආදි ප්‍රදේශවල තරුණ තරුණියන්ට ආදායම් මාර්ගයක් මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවත් තහවුරු වේ.

    DMU/matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya