මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජනතාවගේ මුලික ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම තම ප‍්‍රමුඛ වැඩපිළිවෙළ බව ජනපති පවසයි.

    පෙබරවාරි 01, 2019

    ගොවිජන ජීවිතය හා බැඳුණු කදුළු කතාව පිළිබඳ අවබෝධයක් සහ අත්දැකීමක් ඇති නායකයෙකු ලෙස තම ප‍්‍රමුඛ වැඩපිළිවෙළ වූයේ ගොවි ජනතාවගේ මූලික ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම බව ජනාධිපතිතුමා පැවසීය.

    පාසල් සමයේ සිට නඟුල, දෑකැත්ත හුරු ගොවි පුතෙකු ලෙස මෙරට ගොවි ජනතාවගේ ගැටලු තමාට අරුමයක් නොවු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ  (31) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති උත්සවයක් අමතමිනි.

    “ගොවි තාත්තා” සිනමා පටයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

    ඉපැරණි පරිසර හිතවාදී ක‍්‍රමවේදයෙන් මුලුමනින්ම ඉවත් වෙමින් පරිවර්තනය වූ රසායනික පොහොර භාවිතය හා බැඳුණු නූතන කෘෂිකාර්මික යුගයේ දී ගොවියා සහ මිනිසා මුහුණු දෙන ජීවන ඛේදවාචකයන් අලළා නිර්මාණය වන ලොව ප‍්‍රථම ආසියාතික ගොවි සිනමා සිත්තම ලෙස ,ගොවි තාත්තා, හැඳින්වෙයි.

    උණගලා වෙහෙර ගම්මානයේ පේ‍්‍රමරත්න දිසානායක ගොවි මහතාගේ ජීවන පුවත ,ගොවි තාත්තා, නමින් ඔහුගේ පුත් සංගීතඥ දර්ශන රුවන් දිසානායක මහතා විසින් මෙලෙස සිනමාවට නැඟීමට නියමිතය.

    “ගොවි තාත්තා” සිනමා පටයේ තිර පිටපත එහි නිෂ්පාදක සරත් බණ්ඩාර කොක්වැව මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ පේ‍්‍රමරත්න දිසානායක මහතාගේ බිරිඳ වන බී.එම්. බිසෝමැණිකේ මහත්මිය වෙත පිළිගැන්වීය.

    ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

    පාසල් දැරියක විසින් රචනා කරන ලද ගී පද රචනා කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.


    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් ද, දර්ශන රුවන් දිසානායක මහතා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම සහ පේ‍්‍රමරත්න දිසානායක මහතාගේ පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya