අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබා ගනිති

    ජනවාරි 31, 2019

    පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 

    අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් පාරිසරික උරුමය මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමු වැඩසහන පාසල් පද්ධතිය තුළ කි්‍රයාත්මක කරනු ලබයි.

    අට වන වරටත් පැවැති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේ දී පාසල් 40ක පරිසර නියමුවන් 93 දෙනෙක් ජනාධිපතිතුමා අතින් ජනාධිපති පදක්කම් ලැබූහ. 

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ෙජ්.එම්. මුසම්මිල්, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප-- ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya