අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිමඩ නව අධිකරණ සංකීර්ණයට අද මුල්ගල තබයි

    ජනවාරි 31, 2019

    වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරු 9.00 ට සිදු කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

    මහල් දෙකකින් යුක්තව ඉදි කිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා රුපියල් 372, 800,000.00 (රුපියල් ලක්ෂ 3728 ) ක් වැය කිරීමට නියමිතව තිබේ.

    නව අධිකරණ සංකීර්ණය තුළ දිසා අධිකරණයක් ,මහෙස්ත්‍රාත් අධිකරණයක් ,කාර්යාල පහසුකම්, මහජනතාව සඳහා අවශ්‍ය පහසුකම්, වාහන නවතා තැබීමේ පහසුකම් ඇතුළු අනෙකුත් පොදු අවශ්‍යතාවලින් යුක්තව ඉදි කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

    වර්ග මීටර් 450 ක ප්‍රමාණයකින් යුක්තව ඉදි කරනු ලබන නව අධිකරණ සංකීර්ණයේ වැඩ 2021.03.31 වන දින අවසන් කිරීමට නියමිතව ඇති අතර ඉංජිනේරු කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශය මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya