මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටළු ගැන සුව ඇමැති සමඟ සාකච්ඡාවක්

    ජනවාරි 31, 2019

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය දා(29) පස්වරුවේ පැවැත්විනි.

    විශේෂඥ වෛද්‍යවරුන් සදහා විශේෂ දීමනාවක් ලබාගැනීම, ප්‍රවාහන හා බාධා දීමනා පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුනි. ප්‍රවාහන හා බාධා දීමනාව විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සදහා එකම අගයක් මේ වන විට ලබා දෙන අතර එය සංශෝධනය කර විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනම අගයක් ලබාදෙන ලෙස මෙහිදී යෝජනා විය. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසුවේ මේ පිළිබදව මුදල් හා සෞඛ්‍ය අමාත්‍යාංශ යහපත් එකඟතාවයකට පැමිණ ඇති බවත් ජනාධිපතිවරයා පත් කළ වැටුප් සමාලෝචන කමිටුවට අදාල යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා වැඩි කිරීමේ දී විශේෂ වරප්‍රසාද නොලැබෙන බවට විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී ප්‍රකාශ කළහ. වයස අවුරුදු 60 දී විශ්‍රාම යන විට ලැබෙන වරප්‍රසාද වයස අවුරුදු 63 දී විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරුන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, ඒ පිළිබදව සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනි කරුණාරත්න මහත්මියට උපදෙස් ලබාදෙන ලදි.

    ජාතික දන්ත වෛද්‍ය ආයතනයේ තනතුරු වැඩි කිරීම පිළිබද යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ සදහා වහාම ක්‍රියාත්මක වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුලත් කිරිම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කිරිම, වාර්ෂික ස්ථාන මාරුවීම් කඩිනම් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ගිතාමනී කරුණාරත්න, සුනිල් ද අල්විස්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් යන මහත්ම මහත්මීන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සුනිල් විඡේසිංහ මහතා ඇතුලු සාමාජිකයින් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya