අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ දෙවන අදියර සඳහා මහනුවරින් වසම් 180 හඳුනා ගැනේ

    ජනවාරි 30, 2019

    රටේ නිෂ්පාදනය වැඩි දියුණූ කිරිමේ ප්‍රධාන අරමුණ ඇතිව ආරම්භ කළ ජනතා ව්‍යාපරයක් ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය හඳුන්වා දිය හැකි බවත් එහි දෙවන අදියර සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් ග්‍රාම නිලධාරි වසම් 180 තෝරා ගෙන ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර මහත්මිය පවසයි.

    අධ්‍යක්ෂවරිය මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (29) දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයට තෝරාගත් වසම්වල සංවර්ධන නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනකට එක් වූ අවස්ථාවේ දීය.

    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරිය රාජ්‍ය නිලධාරින්, කළමණාකරුවන් සහ ප්‍රජා දායකත්වය පදනම් වූ සංවර්ධන වැඩසටහනක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවත් ග්‍රාම ශක්ති සමිතිය පදනම් කරන ගෙන ග්‍රාමීය ජීවනෝපාය වැඩසටහන් ක්‍රියත්මක
    කරන බවත් , පැවසුවාය. වසම් තෝරා ගැනිමේ දී ජන හා සංඛ්‍යා ලේඛණ දත්ත පදනම කර ගෙන ජල පහසුකම් නොමැති ,වැසිකිලි පහසුකම් නොමැති සමෘද්ධීලාභී පවුල් බහුතරයක් සිටින වසම් තෝරා ගෙන ඇති බව පැවසු අධ්‍යක්ෂවරිය ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් , ඊට අදාළ පුහුණූ වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මේ වනවිටත් කටයුතු යොදා ඇති බව පැවසුවාය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශකින්ම වසම් 09 බැගින් නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ වසම් 180 වක් මෙම වැඩසටහන සඳහා තෝරා ගෙන ඇත.

    මෙම අවස්ථාවට ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශ නියෝජනය කරන සහකාර සැළසුම් අධ්‍යක්ෂවරු සහ සංවර්ධන නිලධාරින් සහභාගි විය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya