අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රේගුව ජ්‍යාත්‍යන්තර රේගු දිනය අභිමානවත්ව සමරයි

    ජනවාරි 29, 2019

    ගෝලීයකරණය සමඟ දියුණුවන ආර්ථිකයන් ව්‍යාප්ත වීමට මහත් බාධා ඇති මෙවැනි අවධියක ශ්‍රී ලංකාවේ සමස්ත බදු ප්‍රමාණයෙන් 60%ක උපරිමයක් ලබා දීමට ශ්‍රී ලංකා රේගුවට හැකි වූ බව කෘතඥතා පූර්වකව සදහන් කළ යුතු යැයි මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා රේගු දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.

     

    කොළඹ රේගු මූලස්ථානයේදී ඊයේ පැවැති ලෝක රේගු දින සැමරුම් උත්සවය අමතමින් මේ බව ප්‍රකාශ කළ රාජ්‍ය ඇමතිවරයා, රේගු සේවයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් මෙම ආදායම් මාර්ගය ඉදිරි වසරවලදී තවතවත් වර්ධනය කිරීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    දිනෙන් දින දියුණුවන නව තාක්ෂණය උපයෝගී කර ගැනීම තුළින් ඉදිරි වසර 3 තුළදී රේගුවේ ආදායම තවත් 25%න් වැඩි දියුණුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිවරයා කීය. තමා අයත් රජයේ අපේක්ෂාව වන්නේ දේශපාලකයන් මූලික කරගත් පාලනයක් ගෙන යාම නොව ප්‍රජාව මූලික කරගත් පාලන ක්‍රමයක් බිහි කිරීමට යැයිද වික්‍රමරත්න මහතා කීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා අඳහස් දක්වමින්; නවීන ලෝකයේ ආර්ථික කටයුතු වර්ධනයවීම රදා පවතින්නේ අන්තර්ජාතික වාණිජ ක්ෂේත්‍රයෙහි වර්ධනය මත හෙයින් ශ්‍රී ලංකා රේගුවට ඉමහත් මෙහෙයක් කිරීමට පැවරී ඇති බව කීවේය.

    එලෙසින් ලෝකයේ විවිධ ජාතීන්ගේ සංචාරය, අලෙවිකරණය හා අන්‍යෝන්‍ය පැවැත්ම යහපත් මට්ටමින් ඉටු කිරිමේ රාජ්‍ය තාන්ත්‍රික වගකීම ද ශ්‍රී ලංකා රේගුව වෙත පැවරී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.

    රේගු නිලධාරීන් වෙත කුසලතා සහතික පිරිනැමීමද මෙහිදී සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ඇතුළු රේගුවේ උසස් නිලධාරීන්ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya