මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ජනතා අයිතියට- ලබන මාර්තු මාසයේ සිට අනුරාධපුරයට හා දකුණටත් සුබෝපබෝගී දුම්රිය සේවාවක්

    ජනවාරි 28, 2019

    අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ඊයේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් ජනතා අයිතියට පත් විය.

    යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ සිසුන්ගේ ගමන් පහසුව උදෙසා මෙම නව උප දුම් රිය ස්ථානය ඉදි කර තිබේ. ඊයේ දින ධවනයට එක් වූ උත්තර දේවී දුම් රිය වෙනුවෙන් ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම් රිය සේව  මිල දී ගත් එස්.13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලය මේ අනුව ධාවනයට එක්වනු ඇත.

     ලබන මාර්තු මාසයේ සිට අනුරාධපුරයට හා දකුණටත් සුබෝපබෝගී දුම්රිය සේවාවක් අරඹන බව මේ අවස්ථාවට එක් වූ  ඇමති අර්ජුන රණතුංග මහත කීය. ඉදිරියේ දී උසස් තත්ත්වයේ සුඛෝපභෝගී දුම්රිය සේවාවක් හඳුන්වා දීමට යන බවත් ඉන්දියාවෙන් ඇණවුම් කළ  බලවේග දුම්රිය කට්ටල හා මැදිරි මෙරටට ගෙන්වූ වූ පසු මාර්තු මාසයේ සිට අනුරාධපුරයටත් දකුණට නව දුම්රිය සේවාවන් ආරම්භ කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි. 

    මීට සමගාමීව දකුණේ ජනතාවගේ පරිත්‍යාග මගින් එකතු වූ පාසල්පොත් හා උපකරණ යාපනයේ සිසුන්  පිරිසකට ප්‍රදානය කිරීමද ඇමැතිවරයා අතින් සිදුවිය.

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ,උතුරේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන්  රාඝවන්,ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාන්ශයේ ලේකම් එල්.පී. ජයම්පති, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත  ප්‍රනාන්දු, යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.


    මෙම චාරිකාවේදී අර්ජුන රණතුංග මහතා යාපනයේ ලංගම බස් නැවතුම්පොල  සහ ලංගම උතුරු ඩිපෝව පරික්ෂා කිරීමට එක්විය.

    rviyar nagar

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya