මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලියන 250න් නොනැවතී සේනා දලඹුවන්ගෙන් හානි වූ ගොවිබිම්වලට වන්දි ලබාදෙනවා  

    ජනවාරි 28, 2019

    මිලියන 250න් නොනැවතී සේනා දලඹුවන්ගෙන් හානි වූ ගොවිබිම් සදහා වන්දි ලබා දෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා අනුරාධපුර රඹෑව සදමල්ගම ගොවිජනතාව අමතින් පැවැසීය

    හානි වූ ගොවිබිම් සමීක්ෂණ කටයුතු වෙනුවෙන් කෘෂිකර්ම නිලධාරීන් යොමුකර ඇති බවත් එහිදී ඇතැමි දලඹු ව්‍යවසනයට ප්‍රබලව ලක්වූ වගාවන් විනාශ කිරීමේදී ගොවියාද කැපකිරීමක් කලයුතුව ඇති අතර වගාවන් සදහා හෙක්ටයාරයකට රුපියල් හතලිස් දහසක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවත් කීය

     බඩඉරිගු අතරමැදින් යල කන්නයට පෙර වගා නොකරන ලෙස කෘෂි නිලධාරීන් දැනුවත් කරන ලද්දේ දලඹුවා මර්ධනය සහ පාලනය වෙනුවෙන් බව අමාත්‍යවරයා පැවැසීය. ප්‍රාදේශීය මටිටමින් දලඹුවා පාලනයට ක්‍රියාමාර්ග රැසක් මේවන විට රැගෙන ඇතිබවත් මර්ධනය උදෙසා ගතහැකි ඔීනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් අපේක්ෂා කරන බවද හෙතෙම පැවැසීය.රටම දලඹු ව්‍යවසනය වෙනුවෙන් පෙලගැසී ඇති බවත් රාජ්‍ය නිලධාරීන් මේ වෙනුවෙන් කරන ලද කැපවීම අමාත්‍යවරයා මෙහිදී සිය ඇගයීමට ලක් කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya