අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජනපති ප‍්‍රශංසා” සම්මාන උලෙළ- මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරින්ට සම්මාන

    ජනවාරි 28, 2019

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන “ජනපති ප‍්‍රශංසා” සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(28) පෙ.ව 10.00 කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

    2015 ජනවාරි 14 වන දින සිට 2019 ජනවාරි 14 වන දින දක්වා කාලපරිච්ෙඡ්දය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සකී‍්‍රය ලෙස දායක වී ඇති නිලධාරින් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සකී‍්‍රයව දායක වූ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1034 දෙනෙකු වෙත මෙහිදී ජනාධිපතිතුමා අතින් පදක්කම් සහ ප‍්‍රශංසා සහතික පිරිනැමේ.

    කාණ්ඩ 03 ක් යටතේ මෙම ඇගැයිම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමෙන අතර ඉතිරි පිරිස වෙත ජනපති ප‍්‍රශංසා සහතිකපත් පිළිගැන්වීම සිදු කෙරේ.

    “සුරක්ෂිත හෙටක් – මෛතී‍්‍ර පාලනයක්“ තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප‍්‍රකාශයට පත් කරමින් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ කි‍්‍රයාත්මක කෙරිණි.

    එහි ප‍්‍රධාන වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබේ.

    “මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක්“ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුකූලව මතින් නිදහස් ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම මඟින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් සංවර්ධනයට අදාළ පසුබිමක් සකස් කර තිබේ. මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය ක‍්‍රමානුකූලව අඩුකිරීමෙන් සහ ඒවා භාවිතයෙන් වන හානිය අවම කිරිම මගින් සියලු ශ‍්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම දියුණු කිරීමත්, නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීමත්, දිළිදුකම පිටු දැකීමත් අපේක්ෂා කෙරේ.

    2014 වසරට සාපේක්ෂව 2020 වන විට ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය හා අලෙවිය 80‍්‍% ක් පමණ අඩු කිරීමේ අරමුණ පෙරදැරිව ගරු ජනාධිපතිතුමාගේ ඝෘජු අධීක්ෂණයෙන් යුතුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya