මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මැදිහත්වීමෙන් ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් රජයෙන් වැටුප්

    ජනවාරි 27, 2019

    මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.

    ඒ අනුව ඉදිරි මාස දෙකක් තුළ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.
    ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලූව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට  (25) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මේ බව සඳහන් කෙරිණි.

    ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ති‍්‍රක් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් එම හමුවට කැඳවා තිබිණි.
    ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 08 ක් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කර තිබූ අතර එම සියලු ගැටලුවලට විසඳුම් ලබාදිමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.

    රණවිරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් රණවිරු ගැටලු විසඳීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නිරන්තරයෙන් සිදුකරන මැදිහත්වීම මෙහි දී රණවිරුවන්ගේ දැඩි ප‍්‍රශංසාවට ලක් විය.

    ආරක්ෂක අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සනත් වීරසූරිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන අනුරාධ විජේකෝන්, විජිතා මායාදුන්නේ යන මහත්ම මහත්මීහු සහ ති‍්‍රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya