අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොස්ටර්වලින් තොර පිරිසිදු නගරයක්- මහනුවර නගරය පිරිසිදු කිරිමේ ව්‍යාපෘතිය ජනවාරි 29 දා

    ජනවාරි 22, 2019

    පොස්ටර්වලින් තොර නගරයක් බිහි කිරිමේ අරමුණින් මහනුවර නගරය පිරිසිදු කිරිමේ දෙවැනි පියවර ජනවාරි (29) වන දින ක්‍රියාත්මක කරන බව මහනුවර මහනගර සභාවේ ඝනඅපද්‍රව්‍ය කළමනාකරණය අංශයේ යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

    පසුගිය ජනවාරි 19 දින මෙම වැඩපිළිවෙළ ආරම්භ වු අතර එයට පේරාදෙණිය විශ්වවිද්‍යාල හා මුහුණු පොත සමාජ ජාල තරණ තරුණියන් මිට දායක්වය ලබා දි තිබේ.

    ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොළ, මහනුවර පොදු වෙළඳපොළ හා ඒ අවට පරිසරය එම අවස්ථාවේ දී පිරිසිදු කර තිබේ. මෙම පිරිසිදු කිරීමේ දී නගරයේ සියලු ම පොස්ටර් ගලවා ඉවත් කෙරුණු අතර මුළු නගරය ම පිරිසිදු කිරිමක් ද සිදු කර ඇත.

    නගරය පවිත්‍රව තබා ගැනිම සඳහා පසුගිය වසර කිහිපය තුළ අත්පත්‍රිකා බෙදා හැරිම නවතා දැමුව ද ටියුෂන් ගුරුවරුන්ගේ පොස්ටර් හේතුවෙන් නගරය විශාල පරිසර හානියකට පත්ව ඇතැයි නාමල් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

    මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළ දිසානායක මහතා, ටියුෂන් ගුරුවරුන් දැනුම්වත් කිරිමත්,ඩිජිටල් පුවරු හඳුන්වා දිමත්, පුවත්පත් මාර්ගයෙන් තම ප්‍රචාරක කටයුතු සිදු කිරිමටත් අවධානය යොමු කිරිමට බලාපොරොත්තු වන බව ද පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya