මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනා දළඹු ව්‍යාප්තිය- දැනටමත් ගොවීන්ට සහන ලබාදීමට තීරණ ගණනාවක් ගෙන තිබෙනවා- සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ජනවාරි 22, 2019

    සේනා දළඹු ව්‍යාප්තිය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ බවත් දැනටමත් ගොවීන්ට සහන ලබාදීමට තීරණ ගණනාවක් මේ වන විට ගෙන තිබෙන බවත් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විපක්ෂ නායක,පර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 27 (2) යටතේ සේනා දළඹු වසංගතය  මර්දනයට රජය ගන්නා පියවර සම්බන්ධයෙන් විමසා ඉදිරිපත් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් රජය ගන්නා හොඳ යෝජනා සඳහා සහාය ලබාදීමට විපක්ෂය කටයුතු කරන බව අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.මේ සම්බන්ධයෙන් දිනක විවාදයක් පාර්ලිමේන්තුවේ සිදු කිරීමට අවශ්‍ය බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.'

    මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් දැනටමත් අමාත්‍ය මණ්ඩලය තීරණ ගණනාවක් ගෙන තිබෙන බවත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya