අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනා දළඹු මර්දනයට ගොවීන් අනුගමනය කරන ක්‍රමවේද ගැන දැනුවත් කරන්න- කෘෂි ඇමති

    ජනවාරි 22, 2019

    සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ගොවීන් විසින් දළඹුවා පලවා හැරීමට යම් ක්‍රමවේද අනුගමනය කරනවා නම් ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ නිලධාරියා දැනුම්වත් කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දැනට විවිධ ප්‍රදේශවලින් සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා යොදාගෙන ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකොට ඉන් ගොවීන්ට අසාත්මිකතා ඇතිවේද, මේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව නෙලා ගන්නා ලද බෝග පරිභෝජනය කරන ජනතාවට ඉන් සෞඛ්‍ය ගැටළු මතුවේද යන්න සොයා බැලිය යුතු බවකෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ ඊයේ දින (21) පැවති වැඩසටහනකදී පැවසුවේය.

     දැනට ඇතැම් දිස්ත්‍රික්කයන්හි රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇතත්, ඒවා භාවිතයෙන් ජනත සෞඛ්‍ය ගැටළුවලට මුහුණපෑමට ඉඩ ඇති බවත්, භාවිතයට නුසුදුසු විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිතා නොකොට දේශීයව කොහොඹ වැනි ශාක අමුද්‍රව්‍ය කොටස් භාවිත කොට දළඹුවා පලවා හැරීමේ ක්‍රමවේද සකස්කරන මෙන් අමාත්‍යවරයා ගොවීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.වෙනත් රටවල මෙන් දහයියා අළු සහ පස් දියකොට වගාවන් සඳහා යෙදීමෙන් දළඹුවා පලවා හැරීමට හා යම් මර්දනයකට ලක් කළ හැකි බව අමාත්‍යවරයා කීය.

     දැනටමත් කාර්ය සාධන බලකායක් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, කෘෂි පර්යේෂණ නිලධාරීන්, කෘෂි විද්‍යාඥයින් කණ්ඩායම් දළඹුවන් මර්දනය සඳහා පරීක්ෂණ පැවැත්වීමට ගොවිබිම් වෙත ගොස් ඇති බවත්, මේවන තෙක් ඇමරිකාව, අප්‍රිකාව වැනි මෙම ව්‍යවසනය දරුණු ආකාරයෙන් පවතින කිසිදු රටක් මේ සඳහා රසායනික දළඹු නාශකයක් හඳුනාගෙන නොමැති අතර, ගොවීන් විසින් දළඹුවා පලවා හැරීමට යම් ක්‍රමවේද අනුගමනය කරනවා නම් ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ නිලධාරියා දැනුම්වත් කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.

    දළඹු ව්‍යවසනයෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත්, ගොවි රක්ෂණ මණ්ඩලය හරහා රක්ෂණ වන්දි ලබා දීමටත් තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.

     මෙම අවස්ථාවට සහකාර ගොවිජන කොමසාරිස්, දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya