අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුගන්නාව නව නගරය සංවර්ධනය කොට ජනතා අයිතියට

    ජනවාරි 21, 2019

    රුපියල් ලක්ෂ 450 ක මුදලක් වැය කොට කඩුගන්නාව නව නගරය සංවර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීම (19)දා මහනගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනි.

    කඩුගන්නාව ගල් බිංගය අවට භූමිය සංවර්ධනය සහ භූ දර්ශනය කිරීමේ මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය දායකත්වය මහනගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයෙනි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා පසුගිය වසර තුනක කාලය තුල නාගරික සංවර්ධන අධිකාරය ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බවත් අද වන විට වර්ෂයකට මිලියන 1500 ක් ලාභ ලබන තත්වයට එය පත් කොට ඇති බවත් ප පැවසීය.

    මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya