අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය කොට්ටාවේ නන්ද ස්වාමින් වහන්සේ වෙත අභිනව සංඝනායක ධූරය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ....

    ජනවාරි 20, 2019

    ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ති්‍රපිටකවේදී ශාස්ත්‍රපති පූජ්‍ය කොට්ටාවේ නන්ද ස්වාමින් වහන්සේ වෙත මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී  වනවාස නිකායේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

    ධර්ම ප්‍රචාර කටයුතුවල නිරතවෙමින් උන්වහන්සේ සිදු කරන්නා වූ මහා සාසනික මෙහෙවර අගයමින් වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වංශාවතංස දේශාන්තර ශාසනාභිමානි විශ්ව කීර්ති විභූෂණ සාසන ගෞරව සහිත මෙම අභිනව ධූරය උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ. අභිනව මහානායක ස්වාමින් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මහාවිහාර වංශික ස්‍යාමෝපාලි වනවාස නිකායේ මහානායක අතිපූජ්‍ය අම්පිටියේ මංගල මහා නායක ස්වාමින් වහන්සේ , ප්‍රධාන ලේඛකාධිකාරි, ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත උපුල්විල සාසනසුමන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද තානාපතිවරුන් ඇතුථ දෙස් විදෙස් ආරාධිත පිරිසක් පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya