අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සේනා''කාගෙවත් කුමන්ත්‍රණයක් නොවේ-වගා හානියට වන්දි ලබාදීම කෙරෙහි අවධානය

    ජනවාරි 20, 2019

    සේනා දළඹු ප්‍රශ්නය කවුරුත් කළ කුමන්ත්‍රණයක් නොවන බවත් සේනා දළඹුවාගෙන් සිදුවන හානිය වැළැක්වීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    සේනා දළඹුවාගෙන් හානි වූ ගොවි බිම් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාදිය හැකිද යන්න සොයා බැලීමට ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා - දැනට සේනා දළඹුවා අධික ලෙස බඩඉරිඟු පත්‍ර වලට හානි කරනවා. දැනට කරල් වලට වෙන හානිය අවම වෙලා තියෙනවා. තවම එහෙම ලොකු හානියක් නෑ. හැබැයි මේ අය අහනවා මේකට භාවිත කරන කෙමිකල් මොනවද කියලා. අපිට පුළුවන් මිල අධික කෙමිකල් එකක් භාවිත කරන්න. බඩඉරිඟු තම්බා ස්වයං රැකියාවෙන් ජීවත් වෙන දස දහසක් මිනිස්සු, පාර දිගට බඩඉරිඟු තම්බලා විකුණන අය ගැනත් හිතන්න ඕන. අපි මේ දෙපැත්තම හිතන්න ඕන. මේ දළඹුවා මර්දනය කරන්නත් ඕන. මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යයට හානියක් නොවන්නත් ඕන. මේ ව්‍යාපාරය නැති වුනොත් කී දෙනෙක්ගේ රැකී රක්ෂා අහිමි වෙයිද? මේ ඔක්කොම බලලා කටයුතු කරන්න ඕන.

    බොහෝ දෙනෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අමාත්‍යාංශය වටලනවා, ඇමතියා සේන දළඹුවා කන්න ඕන කියලා කියයි. මාව කෑවට නම් කමක් නෑ. හැබැයි මේ සඳහා විසඳුමක් තියෙනවානම්. ඊයේ එක මාධ්‍යවේදියෙක් ඇහුවා එක්සත් ජාතික පක්ෂය කරපු කුමන්ත්‍රණයක් ද කියලා සේන දළඹුවා. මං කිවුවා එහෙනම් මං ඇවිල්ලා දවස් 10 යි. මේක එහෙම කවුරුත් කරපු කුමන්ත්‍රණයක් නෙමෙයි. සේනා දළඹුවා ඉන්දියාවේ, පකිස්ථානයේ, ඇමරිකාවේ ව්‍යාප්ත වෙච්ච සතෙක්. අපිට සියයට සීයක් මර්දනය කරගන්න බැරි වුණත් අපි උත්සාහ කරනවා කොහොම හරි මේ සතාගෙන් වෙන හානිය අවම කරගන්න.

    අපි බලන්න ඕන ඊළඟට බඩඉරිඟු අස්වැන්නේ අඩුවීමක් තියෙනවද, ඒ ගොවීන්ට වෙච්ච හානිය මොකක්ද කියලා. අපි බලනවා පූර්ණ හානියක් වෙලා තියෙනවානම් හදිස්සි ආපදා තත්ත්වයක් යටතේ වෙනත් බෝග වලට ලබාදෙන රක්ෂණ මුදල මේකටත් ගෙවන්න පුළුවන්ද කියලා. අපි බලන්නේ මේක මර්දනය කරලා, පාලනය කරලා ඒ අයට සහනයක් දීලා කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයන්න.

    ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන්ද? අපි එක පක්ෂයකට පාටකට දොස් කියලා හරියන්නේ නෑ. පාලනය කරපු අපි ඔක්කොම මේකට වගකියන්න ඕනෙ. අපේ හරි ක්‍රමවේදයක් නැති නිසා, ප්‍රතිපත්තියක් නැති නිසා අපි අදටත් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන රටක් වුණත් බෝග විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. අපි ඒ ගැන රටක් විදිහට කණගාටු වෙනවා. කුරක්කන්, බඩඉරිඟු, මුං, කව්පි, උඳු, මිරිස් අපි පිටරටින් ගේනවා. හැමදාම ඉන්දියාවේ ගොවියන් පොසත් කරනවා. හැබැයි අපේ සහනාධාර දිහා බැලුවොත් මේ තරම් සහනාධාර ලෝකේ තව රටකින් දෙනවද කියලා ප්‍රශ්ණයක් තියෙනවා. පොහොර සහනාධාරය, සමෘද්ධිය ඒ ඔක්කොම දීලත් අපි අසමත් වෙලා තියෙනවා. එහෙනම් අපි ගත්ත තීන්දු තීරණ වල වැරැද්දක් ඇති. ජාතික ප්‍රතිපත්තියක් එක්ක අපි ඉදිරියට යා යුතුයි. මේ සඳහා නිසි ක්‍රමවේදයක් ප්‍රතිපත්තියක් සැකසිය යුතු කාලය දැන් එළඹිලා. ඒ වෙනුවෙන් මම සහ මගේ නිලධාරීන් කැපවෙන්න සූදානම්.

    රටේ බහුතරයක් දෙනා සමස්ථයක් හැටියට ගත්තොත් 85% ක් පමණ සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට පොඩි හරි දායකත්වයක් දෙනවා. එකෙන් 30% ත් 35% විතර පූර්ණ කාලීනව කෘෂිකර්මාන්තයේ යෙදිල ඉන්නවා. සමස්ථ රටින් බාගයක් විතර මේ කර්මාන්තයේ යෙදිල ඉද්දි අපිට බැරි වෙලා තියෙනවා හරි ක්‍රමවේදයකට යන්න.

    කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනයක් විදිහට අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා කරන්නේ ධීවර විශ්‍රාම වැටුප අපි සක්‍රීය කරන්න ඕන‍. අඩුපාඩු තියෙනවනම් නිවැරදි කරන්න ඕන. ඒ වගේම ගොවි විශ්‍රාම වැටුපත් අඩුපාඩු හදාගෙන ඉදිරියට ගෙනයන්න ඕන. ගොවීන්ට කලට වේලාවට විශ්‍රාම වැටුප් ලබාදෙන්න ඕන. ඒක අපි කාගෙත් වගකීම යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    මෙම අවස්ථාවට ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ, අමාත්‍ය උපදේශිකා ශිරානි වීරකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya