අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘One Stop Shop’ ක්‍රමවේදය මගින් කැණීම් බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කරයි

    ජනවාරි 20, 2019

    පාරිභෝගිකයා වෙහෙසට පත් නොකරමින් නිෂ්චිත අවම කාලයක් තුළදී කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට නව සංකල්පයක් හඳුන්වාදීමට  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කර තිබේ.

    එම නව සංකල්පය ‘One Stop Shop’ ලෙස නම් කරයි.

    මෙම සංකල්පය පියවරෙන් පියවර ක්‍රියාත්මක කෙරෙන බවත්, විශේෂයෙන්ම බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීම මගින් ඉදිකිරීම් කර්මාන්ත කටයුතු නිසි වේලාවට නිම කිරීමට නොහැකි වේ. මේනිසා කර්මාන්තකරුවන් විසින් එල්ල කරන ගැටලු සදහා විසදුමක් ලෙස බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සීමිත කාලයක් තුළ සිදු කොට, සේවා අවශ්‍යතා කඩිනමින් සිදු කර ගැනීම උදෙසා මෙම සංකල්පය ක්‍රියාත්මක කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ඛනිජ හිමිකම් අධ්‍යක්ෂිකා හේමා ලියනාරච්චි මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසීමකදී ප්‍රකාශ කළාය.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මැණික් හා ඛනිජ තෙල් හැරුණු විට අනෙකුත් සෙසු ඛනිජ කැණීම, ගවේෂණය, ප්‍රවාහනය හා වෙළෙදාම සදහා බලපත්‍ර නිකුත් කිරීම කාර්යංශය විසින් සිදුකරනු ලබයි. ‘One Stop Shop’ ක්‍රමවේදය යටතේ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව, කැණීම් ඉංජිනේරු වාර්තාව හා අනෙකුත් අමතර වාර්තා ලැබුණු පසු සතියක් ඇතුළත කැණීම් බලපත්‍රය නිකුත් කරන බව ද ලියනාරච්චි මහත්මිය තව දුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya