මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීරෝද රථ රියදුරන්ට නව වෘත්තීය මගක්- මොබයිල් වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදයක්

    ජනවාරි 20, 2019

    ත්‍රීරෝද රථ රියදුරන් වෘත්තීමය නිපුණ ශිල්පියෙක් බවට පත් කිරීමට, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු කිරීමේ අධිකාරිය මගින් මොබයිල් වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදය හදුන්වා දී තිබේ.

    දෛනික ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සදහා වෘත්තීය පුහුණුව සැමට වැඩසටහනක්ද ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු කිරීමේ අධිකාරය විසින් ආරම්භ කර ඇත.

    මොබයිල් වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදය මගින් මූලිකව ත්‍රීරෝද රථ රියදුරු සේවයේ නියැලෙන තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ ජීවිත වඩාත් ඵලදායීව ගත කිරීමට නව මාවතක් ලෙස ක්‍රියාත්මක කරයි. ඒ අනුව ත්‍රීරෝද රථ රැකියාවේ නියැලෙන තරුණ පිරිස් අතුරින් ඔවුන්ගේ නිදහස් කාලය තුළදී මොබයිල් ක්‍රමවේදය හරහා වෘත්තීය අධ්‍යාපන ලබා දීම සිදු කරයි.

    දැනට දිස්ත්‍රික්ක හයක පමණ මෙය සිදු කරමින් පවතින බවත් මේ හරහා විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණ ශිල්පීන් මාර්තු මස අගවන විට 150ක් පමණ රැකියා ක්ෂේත්‍රයට මුදා හැරීමට ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු කිරීමේ අධිකාරිය මගින් කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya