අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරීක්ෂණ චාරිකාවක ...

    ජනවාරි 19, 2019

    පිලිපීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(18) පෙරවරුවේ පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය වෙත ගිය ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එහි අධ්‍යයන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසිනි. 

    නියගයන්ට, ජල ගැලීම්වලට ඔරොත්තු දිය හැකි අන්දමින් වී වගාව සිදු කරන අන්දම මෙන්ම විවිධ උෂ්ණත්වයන් තුළ බීජ රෝපණය පිළිබද ඉදිරිපත් කෙරුණු පැහැදිලි කිරීමකට ද ජනාධිපතිතුමා මෙහිදී සවන් දුන්නේ ය. 

    එමෙන්ම බෝග කළමණාකරණය පිළිබද හැදින්වීමක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර මෙම පර්යේෂණායතනයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික බිජ වර්ග ද ජනාධිතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. 

    ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු කි්‍රයාකාරි සැලැස්මට ජනාධිපතිතුමා සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා  ( Dr. Matthew Morell ) ඉදිරියේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් අත්සන් තැබීය.

    කෘෂිකර්මාන්තය කෙරෙහි ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමාගේ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නමින් නම් කිරීමට පියවර ගෙන තිඛෙන අතර, ඊට අදාළ සමරු ඵලකය නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya