පෙබරවාරි 21, 2019

tami eng youtube google twitter facebook

    රබර් හා තේ වගාවට අවශ්‍ය පොස්පේට් පොහොර නිෂ්පාදනය ක්‍රමවත්ව ආරම්භ කිරීමට ඇමති උපදෙස්

    ජනවාරි 19, 2019

    ඒකීය සුපර් පොස්ට් පේට් සහ ත්‍රිත්ව සුපර් පොස්ට්පේට් සැකසීමේදී එප්පාවල පොස්ට්පේට් නිධිය පෞද්ගලික සමාගම් සදහා අතුරු බදු දීමට තමා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තාක්කල් ඉඩ නොදෙන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ගරු අමාත්‍ය පී.හැරිසන් මහතා කොළඹ පිහිටි පොස්පේට් පාලන කාර්යාලයේ පැවති නිලධාරී හමුවේදී පැවසීය.

    1970 සිට ආරම්භ කරන ලද එප්පාවල සමාගම වර්ථමානය වන විට පෞද්ගලික සමාගම්හි අතකොලුවක් බවට පත්ව ඇති බවත් මේවන තෙක් රබර් වගාවට පොස්පේට් පොහොර සැකසීම ප්‍රමාද වී ඇත්තේ පාලන අධිකාරියහි අවිධිමත් බව හා දේශපාලන බලපෑම් හේතුවෙන් බව අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

    මේ වන විට සමාගම මගින් වාර්ෂිකව සුපර් පොස්පේට් මෙට්ට්‍රික් ටොන් 46,000 ක් නිෂ්පාදනය කලද සමාගමේ ඉලක්කය වන මෙට්ට්‍රික් ටොන් 72,000 සැකසීමට අවශ්‍ය පියවර සැලසුම් සහගතව සිදු කරන මෙන් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    පොස්පේට් සමාගමේ සේවකයන් 334 දෙනෙකු රාජකාරි කටයුතු සිදු කළද නිසි කළමණාකාරිත්වයකින් තොරව රාජකාරි කටයුතු සදහා යෙදවීම මගින් සමාගම උපයන වාර්ෂික ආදායමට බලපෑමක් ඉටුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    රබර් හා තේ සදහා අවශ්‍ය පොස්පේට් පොහොර නිෂ්පාදනය ක්‍රමවත්ව මේ වසරේ සිට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කළමනාකාරිත්වයට අමාත්‍යවරයා මෙහිදි උපදෙස් ලබා දෙන ලදී.

    රබර් හා තේ සදහා පොහොර සැකසිමේදි යූරියා හා එමි ඔ පී පොහොර රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම් වෙතින් ලබා දීමට අවශය කටයුතු ඉදිරියේදි සැකසිය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu