අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවෙයි

    ජනවාරි 18, 2019

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සහ රජයේ ප්‍රවාත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා අතර සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවැත්වුණි.

    ජනමාධ්‍ය හැඳුනුම්පත, මාධ්‍ය ආයතන සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමීප සම්බන්ධතා පවත්වාගෙන යාම, රජයේ සංවර්ධන කටයුතු ජනතාව අතරට ගෙනයාම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන්  සාකච්ඡා විය.

    එමෙන්ම ඉදිරියේදී එළඹෙන ජාතික නිදහස් දිනය, මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය , මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ,ඩෙංගු මර්දන වැඩසටහන් හා ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන් ආදී වැඩසටහන් සඳහා මාධ්‍ය ප්‍රචාර කටයුතු ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර අදහස් හුවමාරු කරගනු ලැබීය.

    කවර රජයක් විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහනක් වුවද ජනතාව වෙත ගෙන යාමේ වගකීම් ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවටයි. පවතින ඕනෑම රජයකට අවශ්‍ය සංවර්ධන පණිවුඩ ජනතාව අතරට ගෙන  යාමට තම දෙපාර්තමේන්තුව බැඳී සිටින බවද ප්‍රවාත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවැසීය.  මේ සඳහා රජයේ හා පෞද්ගලික , මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් වැඩ කිරීම අපේක්ෂා කරන බව නාලක කලුවැව මහතා කීය.

    මෙම අවස්ථාවට මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්ට අමතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් යූ.පී.එල්.ඩී. පතිරණ මහත්මිය, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජතිස්ස ගමගේ මහතා ඇතුළු මාධ්‍ය හැඳුනුම්පත්, චිත්‍රපට, ප්‍රචාරක, නව මාධ්‍ය අංශ ප්‍රධානීහු ද  එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya