අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනා දළඹුවා පාලනය කිරීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක්- කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

    ජනවාරි 18, 2019

    සේනා දළඹු විශේෂය පාලනය කිරීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් වැඩපිළිවෙලක් යොදා ඇතැයි කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය.එම්.ඩබ්.එම්. විජේකෝන් මහතා පවසයි.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (17) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති සේනා දළඹු විශේෂයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා වන කාර්ය සාධන බලකායේ දෙවැනි සාකච්ඡා වටයේදීය.

    කෙටි කාලීන වැඩසටහන යටතේ සේනා දළඹු විශේෂය පාලනය කිරීම සදහා කෘමි නාශක යෙදීම සහ ඒවා හදුන්වාදීම, දළඹු ආක්‍රමනය ලක් වූ බෝග ආරක්ෂිත අයුරින් විනාශ කිරීම, ආරක්ෂිත ප්‍රවාහන ක්‍රම හදුන්වාදීම සහ ගොවි ජනතාව ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කිරිම ආදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කොට ඇත.

    මධ්‍ය කාලින වැඩපිළිවෙල යටතේ අලුත් බෝග වර්ග තේරීම, සුවිසේෂි වූ කෘමි නාශක යෙදීම ආදිය ගැන සොයා බලන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගු කාලීන වැඩපිළිවෙල යටතේ සම්පූර්ණයෙන් මෙම උවදුරෙන් ආරක්ෂාවීම පිළිබද සැළසුම් සකස් කරන බවද පෙන්වා දෙන ලදී.

    එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සේනා දළඹු විශේෂය වී වගාවට හානි කරන දළඹු විශේෂයක්දැයි මෙතෙක් නිශ්චිතවම හදුනා ගෙන නොමැති බවත්, ඒ පිළිබදව ස්ථිරව සොයා ගැනීම සදහා කීට විද්‍යාඥයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් මගින් කඩිනම් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද පැවසීය.

    සේනා දළඹු විශේෂය පිළිබද දැනුවත් කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සකස් කළ පෝස්ටරය සහ කැලැන්ඩරය හදුන්වා දීමද මෙහිදී සිදු කරන ලදී.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya