අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පහරදීම- දෙවන පරීක්ෂණ කමිටුවත් පත් කරයි

    ජනවාරි 18, 2019

    අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධ වු අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ ( 17 ) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය
    මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඊයේ අන්තර්ජාලයේ හා වෙනත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචරය කලා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදු වු පහරදීම හා සම්බන්ධව පැහැදිළි කිරීමක් කරන්න.මේ වන විට අපි බන්ධනාගාර නිලධාරීන් හා අමාත්‍යාංශයේ නිලධාරීයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා මේ වන විටත් අදාළ පරීක්ෂණ කටයුතු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පැවැත්වෙනවා.ඊට අමතරව දෙවැනි පරීක්ෂණ කමිටුවකුත් මම පත් කළා. ඒ සදහා අපේ අමාත්‍යාංශයේ එක් නිලධාරීයෙකුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීයෙකුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීයෙකුත් පත් කළා .ඒ අයගෙනුත් වාර්තාවක් බලා පොරොත්තු වෙනවා අද පටන් ගත්ත කමිටුවේ වාර්තාව ලබන සඳුදා වන විටත් අනෙක් කමිටුවේ වාර්තාව 25 වනදා වන විටත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.පළමුවෙන්ම මම බන්ධනාගාරය තුළ පසුගියදා වු සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා.ඒ පහරදීමට ලක්වෙච්ච අයගේ ඥාතීන්ට හා සම්බන්ධකම් තියෙන අයට සිත් තැවුලක් වුනා නම් රජය වෙනුවෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.මෙම සිද්ධියට හේතු කාරණා රාශියක් තියෙනවා.2018 නොවැම්බර් 22 මේක වෙන්නේ .ඊට පෙර සිද්ධි කිහිපයක් සිදු වෙනවා 2018 නොවැම්බර් 16 වැනිදා බන්ධනාගාරය තුළ සිරකරුවෙකුට ගලකින් පහරදී ඝාතනය වෙනවා .එම සිරකරු හෝකන්දර ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් හා රීටාජොන් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වු පුද්ගලයෙක්.

    තවත් සිරකරුවෙක් 2018.11.20 වැනිදා වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා ලයිසෝල් පානය කිරීම අනතුරුව අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍යවරයා තල්ලු කර දමා පැන ගිහින් තිබෙනවා.සිද්ධය වු දින උදේ අහාර ලබාදීමට ගිය නිලධාරීයා ඉදිරියේදී සිරකරුවෙකු තවත් සිරකරුවෙකුට පහරදී තිබෙනවා.මෙහිදී සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. එය පාලනය කිරීමට බන්ධනාගාර නිලදාරීන් පැමිණීමත් සමග ඔවුන්ට ද මේ සිරකරුවන් පිරිසක් යකඩ පොලු සහ විකට් පොලු ගෙන පහරදීමට උත්සාහ කර තිබෙනවා.මේ සිද්ධි කිහිපයත් සමගම මේ ගැටුම ආරම්භ වී තිබෙනවා.

     

    අපි විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතට බන්ධනාගාරය පත් කළා. නැමැති අපි අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදෙවුවා.සමහර බන්ධනාගාර වල සිදුවන දේවල්වලට බන්ධනාගාර නිලධාරීන් සෘජුව වග කියන්න ඕන කියලා මට තේරුණා.අගුණකොළපැලැස්සට විශේෂ කාර්ය බලකාය යෙදුවාට පස්සේ බන්ධනාගාර නිලධාරීන් රැදවියන් යොදවලා උද්ඝෝෂණය කළා.ඇඳ ගෙන ඉන්න ඇඳුම් ගලවලා පරීක්ෂා කරනවා කියලා කිවුවා .ඒත් එහෙම දේවල් වෙලා නැහැ.ඒවා බොරු.පසුගිය දින පනස් දෙකක කාලයක් තුළ මේ රට අරාජික වෙලා තිබුණා. ඒ කාලයේ විවිධ විරෝධී දේවල් වෙලා තියෙනවා අපි හදා ගෙන ගිය වැඩ පිළිවෙළ සම්පුර්ණයෙන්ම අඩාල වුණා.

     

    මේ වුනු සිදු විම මම සාධාරණී කරණය කරන්න යන්නේ නැහැ මේ පහරදීම රජයක් ලෙස අපි හෙලා දකිනවා මේ පහරදීමට සම්බන්ධ නිලධාරීන් කවුද කියලා බලලා තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.අවශ්‍ය වුණොත් බන්ධනාගාර පද්ධතියේ තත්වය ඉහළ දමන්න බන්ධනාගාර තුළ සිටින උසස් නිලධාරීන් වුණත් වෙනස් කර මේවා පාලනය කරන්න කටයුතු කරනවා .සමහර අය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ලොකු මතයක් හදන්න උත්සාහ කරනවා.පාලනයක් නොතිබු කාලය තුළ දවස් 52 තුළ බන්ධනාගාර පාලනය කඩා වැටුණා.අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළ විශේෂ කාර්ය බලකාය යොදවලා තියෙන්නේ රැදවියන් හා ඔවුන් බලන්න එන අය බන්ධනාගාරයට ඇතුළත් වෙන තැනදී පරීක්ෂා කරන්න විතරයි.අද වැඩියෙන්ම මත් ද්‍රව්‍ය මත් කුඩු පාලනය වන බන්ධනාගාරය බවට අගුණ කොලපැලැස්ස බන්ධනාගාරය පත්වෙලා තියෙනවා.සිරකරුවෝද මනුෂ්‍ය යෝය කියන ආකාරයටම ඔවුන්ගේ සාධන කටයුතු සදහා අපි කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය. මේ සිද්ධිය සම්බන්ධව වීඩියෝ දර්ශන ඊයේ නිකුත් වෙලා තියෙනවා.ඒත් සමගම සමහර අය උත්සාහ කරනවා මේ සිද්ධිය ඊයේ පෙරේදා වුන දෙයක් විදිහට පෙන්වන්න.මේ වගේ සිද්ධීන් අවම කරන්න කටයුතු කරනවා වගේම පුද්ගලික හේතුවක් මත රැදවියන්ට පහරදීලා තියෙනවා නම්

    මොනම හේතුවක් නිසාවත් ඒ පිළිබදව අවශ්‍ය පියවර ගන්න පසුබට වෙන්නේ නැහැ.විෂය භාර ඇමතිවරිය හැටියට මේ වගේ දේවල් අවම කරනවා වගේම පුද්ගලික චේතනාවකින් පහරදීලා තියෙනවා නම් අවශ්‍ය පියවර ගන්නවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya