මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගලහ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි

    ජනවාරි 17, 2019

    මාස පහකට වැඩි කාලයක් වසා දමා තිබූ ගලහ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය ඊයේ (16) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ මැදිහත්වීමෙන් යළි විවෘත කෙරිණි.

    විවෘත කිරීමේ උත්සවයට සමගාමීව රෝහල් පරිශ්‍රයේ රුක් රෝපණ ව්‍යාපෘතියක් සහ නව බුදු මැදුරක් සදහා මුල්ගල් තැබීමක් ද සිදු විය.

    ප්‍රතිකාර ප්‍රමාද වී දරුවෙක් මිය ගියේ යැයි කියන සිදුවීමක් මුල් කරගෙන ප්‍රදේශවාසීන් සහ රෝහල් කාර්යමණ්ඩලය අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් නිසා මීට මාස පහකට පමණ පෙර මෙම ගලහ රෝහල වසා දැමීමට සිදු විය. රෝහල වසා දැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වූ අතර , රෝහල නැවත විවෘත කරදෙන මෙන් ඔවුන් නිතර නිතර වගකිවයුත්තන් වෙත කරුණූ දැක්විය.

    මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරී ආරම්භ කළ මෛත්‍රී ගුණරත්න මහතා ගලහ රෝහල පිළිබද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ඉතා ඉක්මනින් රෝහල විවෘත කරදෙන බවට ප්‍රදේශවාසීන්ට පොරොන්දු ලබා දෙන ලදී.

    රෝහල විවෘත කිරීමෙන් අනතුරුව කරුණු දැක්වූ ආණ්ඩුකාරවයා ඉදිරි මාස තුනක කාලය ඇතුලත රෝහලේ අනෙකුත් සියළුම අංශවල රාජකාරී යථා තත්වයට පත් කිරීමට තමන් කැපවන බව පැවසීය.ඒ සදහා පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහාය ලැබෙනු ඇති බවත් ඉදිරියේදී මෙම රෝහල ශික්ෂණ රෝහලක් දක්වා දියුණු කිරීමටද කටයුතු යොදන බවද ආණ්ඩුකාරවරයා තව දුරටත් පෙන්වා දෙන ලදී.

    මෙම අවස්ථාව සදහා ආගමික නායකයන් රැසක් සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බාලසූරිය මහතා , මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ශාන්ති ශාන්ති සමරසිංහ මහත්මිය, වෛද්‍යවරු ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වූහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya