අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිලිපීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක් ...

    ජනවාරි 17, 2019
    ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති්‍රක සබදතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සදහා ආරාධනා හිමි  වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මැතිතුමා අතර නිල හමුව   සිදු විය. 
    එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්  ( Malacanang Palace ) වෙත ගිය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 
    හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ්‍රී ලංකා සහ පිලිපීන ජාතික ධජ ළෙලවමින් ඊට එක්ව සිටියහ. එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
    රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya