මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අරමුදල ලබන 18 වන දා සිට නව ගොඩනැඟිල්ලකට

    ජනවාරි 17, 2019

    කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැඟිල්ල, අංක 41 ස්ථානයේ පිහිටි ජනාධිපති අරමුදල 2019-01-18 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.


    ඒ අනුව කොළඹ 10, ඞී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැඟිල්ල, 03 වන මහල, අංක 35 දරණ ස්ථානයේ නව කාර්යාලය ස්ථාපිත කෙරෙනු ඇත.

    වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර, එම කටයුතු හේතුවෙන් 2019-01-18 වන දින සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ද කනගාටුව පළ කෙරේ.

    2019-01-21 වනදා සිට ජනාධිපති අරමුදලේ සේවා කටයුතු යථා පරිදි සිදු කෙරෙන අතර ඒ හා සම්බන්ධවිය හැකි දුරකථන අංක පෙර පරිදිම වේ. එනම් 011-2331245, 011-2431610, 011-2382316 දුරකථන අංක ඔස්සේ ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya