ජූලි 21, 2019
tami eng youtube  twitter facebook
    logo

    සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ දින 08 ක වැඩසටහනක්

    ජනවාරි 16, 2019

    ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක්  ජනවාරි 16  දින සිට දින අටක් (08) පුරා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

    මෙම පාඨමාලාව හමුදා සහ සිවිල් වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්වෙන අතර, ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය මඟින් ප්‍රවිණ පුහුණුකරුවන් 06 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා උපදේශකවරුන් ද සහභාගිවිමට නියමිතය. ඒ අනුව උපදේශකවරුන් දැනුවත් කිරීමේ සැසියක්   (ජනවාරි 15) නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම පුහුණු වැඩසටහන සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින් ඇතුළුව යුද්ධ, ගුවන් හමුදාවට සහ පොලිසියට අනුයුක්ත සාමාජිකයින් මෙන්ම ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් ජනතාව සහභාගිවිමට නියමිතව ඇත.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya