අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරින් නිවාස අහිමිවූ පවුල් 13කට මුදල් ප්‍රදානය කරයි

    ජනවාරි 15, 2019

    බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් නිවාස අහිමිවූ පවුල් 13ක් සඳහා ඉඩම් ලබාගැනීමට රුපියල් 400,000 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (15) අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    2017 වර්ෂයේ මැයි මාසයේ නිවාස හානියට පත්වූ පවුල් සඳහා නිවාස ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ මෙම මුදල් ප්‍රදානය සිදුකෙරිණි.

    යළි ආපදාවට ලක්නොවන ආකාරයෙන් හෙවත් ප්‍රත්‍යස්ථතික නිවසක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම් සඳහ ලබාදෙන මුදලට අමතරව නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12 බැගින්
    ලබා දෙයි.

    බද්දේගම ගනේගම දකුණ පහලොස්හවුල් හවුල් හේන නමැති ඉඩමේ පර්චස් 15 බැගින් වූ බිම් කට්ටි 22ක් කොටස් කර ඒවායින් 13ක් මිල දී ගැනීම සඳහා මෙම මුදල් ලබා දෙයි. එයට අමතරව දැනට නිවාස ඉදිකළ පවුල් දෙකක් සඳහා රුපියල් ලක්ෂ 2 දෙකක් බැගින් අවසන් අදියරේ චෙක්පත් ප්‍රදානය ද මෙහි දී සිදුකෙරිණි.

    වජිර අබේවර්ධන අමාත්‍යවරයා පවසන්නේ හානියට පත්වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ දී ඒවා යළි ස්වභාවික ආපදාවලට ලක් නොවන ලෙස ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් සහ ආධාර ලබා දීම රජයේ වගකීමක් බැවින් සුදුසු ඉඩම් හඳුනාගෙන විපතටපත් වූ පුද්ගලයන්ගේ ද කැමැත්ත අනුව ලබාදුන් බවයි. නිවස ඉදිකිරීම සඳහා ලබාදෙන මුදල් ඉදිකිරීමේ ප්‍රගතිය අනුව අදියර හතරකින් ලබා දීමට නියමිතය.

    බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මෙම චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ද දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ මහතා ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහ ප්‍රාදේශීය ලේකම් ශ්‍රියානි විතාන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya