මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හල්දුම්මුල්ල ඔසු උයන සංවර්ධනයට පියවර

    ජනවාරි 15, 2019

    ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් අක්කර 65 ක වපසරයකින් යුත් හල්දුම්මුල්ල ඔසු උයන සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මෙම ඔසු උයනේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක, ආවේණික ශාක හා දුර්ලභ ශාක ඇතුලත්ව ශාක විශේෂ 700 ක් තිබේ. ඔසු උයන සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 33.4 ක ආයෝජනයක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    හිටපු දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙකු වන වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා මෙම ඔසු උයන ආරම්භ කර ඇත. ඖෂධීය ශාක එක ස්ථානයක වගා කිරීම, ආවේණික හා දුර්ලභ ඖෂධීය ශාක සංරක්ෂණය කිරීම, ඔසුපැළ තවාන් මගින් ඔසුපැළ ව්‍යාප්ත කිරිම, පරීක්ෂණ සිදු කිරීම යන ක්‍රමවේද සිදු කිරීම මුල් කර ගනිමින් මෙම ඔසු උයන සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.nපසුගිය කාලයේ දී මෙම ඔසු උයන අතහැර දමා තිබූ අතර, එය සංවර්ධනය කිරීම තුළ්න් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට හැකියාව ලැබෙයි.

    ප්‍රමිතියෙන් උසස් ඖෂධ නිෂ්පාදනයට හැකිවන අතර, වාර්ෂික තීරුබදු සහනය යටතේ ඔසු අමුද්‍රව්‍ය ආනයනය සදහා වැය වන රුපියල් මිලියන 900 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya