මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අනුගත කාලෝචිත විෂය පද්ධතියක් නිර්මාණය කළ යුතුයි

    ජනවාරි 12, 2019

    ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අනුගත කාලෝචිත විෂය පද්ධතියක් නිර්මාණය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    1973 සාගිනි නිවීමේ පනත යටතේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පිහිටා ඇති නමුත් එවකට රටේ පැවති අවශ්‍යතාවයන් අනුව මෙම ආයතනයේ අරමුණ නිශ්චය කර තිබුණද , 2019 වන විට වසර 46ක් තුළ පාරම්පරික ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවන රටාවේ විශාල පරිවර්තනයක් සිදුව ඇති නිසා ආහාර ප්‍රවර්ධන මණ්ඩලය නිසා පරිවර්තනයන් හඳුනා ගනිමින් අනාගතය ද පුරෝකථනය කොට ආහාර ප්‍රවර්ධනය උදෙසා නව අරමුණු , කාර්යයන් හා කර්තව්‍යයන් හඳුනා ගත යුතුව ඇති බව අමාත්‍ය පී . හැරිසන් මහතා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී හමුවේදී අවධාරණය කළේය.

    මෙහිදී මෙම කාර්යයන් ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට තනිව සිදු කළ නොහැකි බවත් ,රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සම්බන්ධ කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම පිණිස සෞඛ්‍ය සම්පන්න ජනතාවක් උදෙසා ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් දියත් කළ යුතු බවත් , මෙහිදී වඩාත් ගැලපෙන ආහාර නිෂ්පාදන හා අලෙවිය උදෙසා අවශ්‍ය ප්‍රමිතිය හඳුන්වා දෙමින් ඒවා නියාමනය කිරීමේ වගකීම ද මෙම ආයතනයේ අරමුණු අතරට ඇතුළත් කර ගැනීමට කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , අමාත්‍ය උපදේශක ශිරාන් වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya