අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාවක් සකස් කරගැනීමට ඇති අනගි අවස්ථාවෙන් අප නිසි ප්‍රයෝජන ගනිමු

    ජනවාරි 11, 2019

    ව්‍යවස්ථාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ අවසන් යෝජනාව නොවන බවත් සාකච්ඡා කොට  අවසන් වගන්තියක් සකස් කිරීමේ හැකියාව තිබෙන බවත් මේ ලැබී ඇති අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබාගමු  යැයි ද සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අතර එහිදී අඳහස් දක්වමින් සභනායකවරයා  මේ බව පැවසී ය

    මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගමු.අපිට නිදහස ලැබෙනකොට බලය විමධ්‍යගත කිරීම ගැන උඩරට  නායකයෝ.නිදහස ලැබෙනකොට බලය නොබෙදපු එකයි අපි විදින්නේ.48 සිට අපි ප්‍රමාද වුණා වැඩියි.අපි  ඉදිරිපත් කර තිබෙන්නේ යෝජනා විතරයි. වගන්ති සකච්ඡා කර අවසන් වගන්තිය හදමු.විකල්ප වගන්ති  තියෙනවා.ඇයි බැරි අවසන් වගන්තිය සකස් කරන්න. මේවා යෝජනා පමණයි. අවසන් යෝජනාව නොවේ.  දෙමළ පක්ෂ පලමුවරට ව්‍යවස්ථා ක්‍රියාවලියට සහභාගී වෙනවා. එක්සත් ජාතික පක්ෂය පොදු එකඟතාවයෙන්  කටයුතු කරන්න කැමතියි. මම හැමදාම බලය බෙදීමට පක්ෂව හිටියේ. ද්‍රවිඩ පක්ෂ එකතු කරගත් ප්‍රථම අවස්ථාව  මෙයයි.එබැවින් මේ අනගි අවස්ථාවෙන් අප නිසි ප්‍රයෝජන ගනිමු. අවසන් යෝජනාවක් නොවේ. මේක  අතහරින්න එපා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya