අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිමවී නොමැති ව්‍යාපෘති කඩිනමින් නිමකිරීමට ලංවීම නිලධාරීන්ට උපදෙස්- ප්‍රමාදවීමට බලපෑ හේතු පිළිබද වාර්තා කැඳවයි  

    ජනවාරි 11, 2019

    ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වනවිට වැඩ නිමවූ සහ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතින්හි වර්තමාන ප්‍රගතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අවධානයට යොමු වේ.

    පසුගිය දා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරුන්ල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, ප්‍රධාන ඉංජිනේරුවන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්, ව්‍යාපෘති කළමනාකරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් හමුවූ අමාත්‍යවරයාල මෙම ව්‍යාපෘති ප්‍රගතිය පිළිබදව කරුණු විමසනු ලැබීය.

    මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී වැඩ ආරම්භ කර ඇති විදුලි ව්‍යාපෘතීන්හි වර්තමාන තත්ත්වය පිළිබදව ඊට අදාල නිලධාරීන් වෙතින් කරුණු විමසූ අමාත්‍යවරයා, මේ වනතෙක් වැඩ අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට නොහැකිවීමට බලපෑ හේතු පිළිබදය සවිස්තර වාර්ථාවක් කඩිනමින් තමා වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.


    2015 වසරේ සිට මේ දක්වා පියසි මත සවිකල සූර්යබල පද්ධති හැරුණකොට, ජාතික විදුලිබල පද්ධතියට යම් ධාරිතාවයක් එක්කිරීමට සමත් කිසිදු විදුලි ව්‍යාපෘතියක් ස්ථාපිතකර නොමැති බවත්, මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කරගැනීමටනම්, විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි යොමුකළ යුතුබවත්, එසේම මේ වනවිට ඉදිකිරීමට යෝජිත සියලු ව්‍යාපෘති හැකිතාක් කඩිනම් කළ යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා අවධාරණය කළේය.

     

    මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංවිම සාමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya