අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවයි- මුදල් රාජ්‍ය අමාත්‍ය

    ජනවාරි 10, 2019

    ''අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවයි. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අප හදන්නේ. තාරුණ්‍යයෙන් අප හදන්නේ ජාත්‍යන්තර වෙලඳපොළට සුදුසු පුරවැසියෙක්'' යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය  එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසී ය.

    පසුගියද සිදුවීමෙන් රටට සිදු වූ හානිය වැඩියි.2014 වසරේ රට බාරගන්න විට රටට පැමිණි විදේශ සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 15ක් පමන වුණා.බොහොම කෙටිකාලයක් තුළ 2018 වර්ෂය වන විට ලක්ෂ 23කට ඉහළ  ගියා.ආදායම ලෙස එය ඩොලර් බිලියන 2.4 සිට 6.3ක්.

    අපිට ඩොලර් මිලියන 250ක් අහිමි වුණා අපට සංචරක ව්‍යාපාරයෙන්. අපි ආර්ථිකය කලමනාකරණය කරගෙන  ආවා.රටේ ආදායම මේ අවුරුදු තුන තුළ වැඩි වුණා.උද්ධම්නය විශාල ලෙස අඩු වුණා. සෘජු විදේශීය ආයෝජනය  වැඩි වුණා. ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජනය 2018 වසරේ තිබුණේ. එය ඩොලර් බිලියන 1.9ක්.

    ක්ෂුද්‍ර ආර්ථිකය ශක්තිමත් පදනමකින් තිබුණා. ණය ගෙවීම පිළිබඳ අභියෝගයක් තිබෙනවා. ණය වාරික  පැහැදිළිව ගෙනවනවා.රට ගැන තිබූ අවිශ්වාසය නැති කරන්න කටයුතු කරනවා. පොදු ප්‍රවාහනය දියුණු කරන්න  ඕන.කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා.කාන්තාවන්ට ප්‍රවාහන ගැටළු තිබෙනවා. මේ  අයවැයෙදී යම් යම් පියවර ගන්නව. කාන්තාවන්ගෙන් ආර්ථික වර්ධනයට දායක කරගැනීමට අයවැයෙන් සඳහන්  කරන්න යනවා. මාතර හම්බන්තොට මාර්ගය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා වසර අවසන් වන  විට.අපේ ගම මුළු රටම. අපි රටම ගැන සිතන්න ඕන.මුළු රටම ගැන සිතලයි මාර්ග පද්ධතිය හදන්නේ.ජනතව  තමයි තීරණය කරන්නේ. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවයි.

    අපේ යොමුව තිබෙන්නේ තරුණ්යයටයි.ඒ සඳහා වැඩියෙන් ආයෝජනය කරනවා. කවුරුත් විශ්වවිද්‍යාලයට  නොයන 1,38,000 ගැන කතා කරන්නේ නෑ. අපේ යොමුව තිබෙන්නේ එතැනටයි. හැම දරුවාම අපට විශේෂයි. හැම දරුවෙකුට උසස් අධ්‍යාපනය ලබාදිය යුතුයි. උසස් අධ්‍යාපනය දෙන්න බැරි මුදල නැති නිසයි.

    උසස් අධ්‍යාපනය හැදැරීමට මුදල් ලබදීමේ වැඩපිළිවෙල පුළුල් කරනවා.ගිය අයවැයෙන් අප හඳුන්වා දුන්නා.  සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අප හදන්නේ.බදු ගෙවන ජනතාව මුදලින් අප ඉගෙන ගත්තේ.අපි තරූණ්‍ය අපි  හදන්නේ ජාත්‍යන්තර වෙලඳපොළට සුදුසු පුරවැසියෙක් අප හදන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya