අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජලගැල්මෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි

    ජනවාරි 10, 2019

    උතුරු ප්‍රදේශයේ සිදු වූ ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නිවස වෙනුවෙන් මේ වනවිට රුපියල් 10,000ක වන්දි මුදලක් ලබාදීමට ක්‍රියාකර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දීපැවසී ය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

    එමෙන් ම හානි වූ නිවාස තක්සේරු කිරිමද සිදු කෙරෙන බව කී අමාත්‍යවරයා,ඒ අනුව රුපියල් ලක්ෂ 25ක් දක්වා වන්දි මුදලක් දීමට ක්‍රියා කෙරෙන බව පැවසී ය.

    එම මුදල බැංකු ගිණුමට සෘජුව ලබාදීමට ක්‍රියාකරන බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya