අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්

    ජනවාරි 10, 2019

    කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කුමාර වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇත. නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොළඹ ජාතික රෝහලේ දී ඊයේ(09) සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.


    මෙම රෝහලේ අධ්‍යක්‍ෂවරයෙකු නොමැතිකමින් පරිපාලන සේවා බිද වැටී ඇති බවට මාධ්‍ය මගින් පසුගිය දා කරුණු අනාවරණය කර තිබුනි. නමුත් එම රෝහලේ වැඩ බලන අධ්‍යක්‍ෂවරයා ලෙස වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාම සේවය කරමින් සිටියේ ය.

    මෙම අවස්ථාවට සෞඛය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya