මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ....

    ජනවාරි 10, 2019
    සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන සදහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (09) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
    ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව විහාරාධිපති ස්වාමින් වහන්සේලා කිහිප නමක් වෙත පූජා ඔප්පු පිළිගැන්විණි.
    අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ්. ගුණසේකර, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya