අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 වසරේ ගං වතුරෙන් හානි වූ නිවාස ඉදිකිරිම් අවසන් අදියරේ

    ජනවාරි 10, 2019

    පසුගිය 2017 වසරේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ඇතිවූ ගං වතුර හේතුවෙන් හානියට පත් නිවාස කඩිනමින් ජනතා අයිතියට පත් කිරිම මේ දිනවල සිදුකෙරේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ මෙසේ හානියට පත් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙතින් අවදානම් සහගත යැයි නිර්දේශ කළ නිවාස වලින් ඉවත් කළ පවුල් සඳහා ඉදිවන නිවාස ව්‍යපෘතින් 229ක් මේ වන විට ක්‍රියාත්මකය.

     “නිවසට නිවසක්“ යන සංකල්පය මත රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යංශය විසින් ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දි ඇත.ඇල්පිටිය, නාගොඩ, කඩවත්සතර බද්දේගම, නෙළුව, නියාගම, වැලිවිටිය දිවිතුර, තවලම, යක්කලමුල්ල, කරන්දෙණිය, බෙන්තොට සහ අක්මිමණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම නිවාස ව්‍යාපෘතින් ක්‍රියාත්මකය.

     මෙම නිවාස ව්‍යාපෘතින් කොන්දේසි කිහිපියක් යටතේ රජය විසින් ක්‍රියාත්මකය. ප්‍රතිලාබියා සතු ඉඩමක රජයේ මුල්‍යාධාර මත නිවාස ඉදිකිරිම, රජය විසින් ලබා දෙන ලක්ෂ 04 ක මුලික ගෙවිමක් යටතේ ප්‍රතිලාභියා විසින් මිලිදි ගත් ඉඩමක රජයේ මුදලින් නිවස ඉදි කිරිම, රජයේ ඉඩමක රජයේ මුල්‍යාධාර මත නිවසක් ඉදි කිරිම, නිවස සහිත ඉඩමක් මිලදි ගැනිම මෙම කොන්දේසිවලට අයත්ය.

    ඒ අනුව මිලියන 214ක මුදලක් මේ සදහා යොදවා ඇති අතර, මාර්ග, ජලය විදුලිය යන යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 50ක මුදලක්ද වැය කෙර්. මුදල් ලබා දිමේදි පියවර හතරක් යටතේ මුදල් ලබා දිම සිදුවන අතර, ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණය යටතේ අදාල ව්‍යාපෘති දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකය. දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධික්ෂණය යටතේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඝෘජු දායකත්වය මෙම ව්‍යපෘතින් සඳහා හිමිවේ.

     ඉදිරි මාස කිහිපය තුළ අදාල නිවාස ව්‍යාපෘති සියල්ල අවසන් කල හැකි බවත් දිස්ත්‍රික් ආපදා සහනසේවා ඒකකය පෙන්වා දෙයි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya