අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යයට අපව විවේචනය කරන්න පුළුවන්- ජනවාරි 08 වැනිදා වසර 10-12 තිස්සේ තිබූ මාධ්‍ය මර්දනයට අපි තිතක් තිබ්බා

    ජනවාරි 09, 2019

    ආණ්ඩුවක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන මාධ්‍යවලට දන්වීම් අඩු කිරීමට අයිතියක් තිබෙනවා. ඕන මාධ්‍යයකට අපි විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය භීෂණයක් තිබෙනවා කියලා, පසුගිය රජයේ අය කිඹුල් කඳුළු හෙළනකොට අපට වේදනාවක් ඇති වෙනවා.ජනවාරි 08 වැනිදා වසර 10-12 තිස්සේ තිබූ මාධ්‍ය මර්දනයට අපි තිතක් තිබ්බා. යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    රාජ්‍ය මාධ්‍යවල සිටින ඇතැම් මාධ්‍යවේදීන්ට, පෞද්ගලික මාධ්‍යවේද බලපෑම් එල්ල කරන බවටත් ස්වාධීන රූපවාහිනී ආයතනයේ සිදුවීම පිළිබඳවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවක් අද (9)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    එම යෝජනාවේ දී මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අඳහස්වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  ය.
    වැඩිදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද කියලා ළඟදී හෙළි වෙයි. පරීක්ෂණය අවසන් වෙමින් පවතිනවා. ලසන්තගේ දස වැනි සමරුව වගේම යහපාලන ආණ්ඩුව පිහිටුවලා අවුරුදු හතර සම්පූර්ණ වන දවස අදයි. ජනවාරි 08 වැනිදා වසර 10-12 තිස්සේ තිබූ මාධ්‍ය මර්දනයට අපි තිතක් තිබ්බා. දසකය තුළ විතරක් මාධ්‍යවේදීන් 44ක් ඝාතනය වුණා. ප්‍රහාරවලට 34ක් ගොඳුරු වුණා. තර්ජන ගර්ජන ආවා. 80කට වැඩි මාධ්‍යවේදීන් ජීවිත ගලවා ගන්න රට පැන්නා.

    දැන් වසර 04 සමරන අවස්ථාවේ දී මාධ්‍ය භීෂණයක් තිබෙනවා කියලා, පසුගිය රජයේ අය කිඹුල් කඳුළු හෙළනකොට අපට වේදනාවක් ඇති වෙනවා.

    ස්වර්ණමය යුගය ගැන කතාකරන්න හොයන්න ඕන නම් ඒ ගැන තිබෙන වාර්තාව කියවන්න. දැන් මේ මාධ්‍ය මර්දනය කියනන් හදන්නේ සමහර මාධ්‍ය ආයතනවලට දැන්වීම් නොදෙන එක.ඕන මාධ්‍යයකට අපි විවේචනය කරන්න පුළුවන්. මේ වසර තුනේදි අඩුම ගානේ ටෙලිපෝන් කෝල් එකකින් හු කියලා නෑ. වෙබ් අඩවි වලින් ඉතාම පහත් ලෙස පහර දෙනවා. ආණ්ඩුවක් හැටියට අයිතියක් නැද්ද කරන දේවල් ගැනත් ඒ හා සමාන දේවල් පෙන්වන්න ඕන.

    ඔක්තෝබර් 26 සිදු වුණේ නිදහස ප්‍රජතන්ත්‍රවාදය හා ඒකාධිපතිවාදය අතර සටහනක්. අපේ මාධ්‍ය කොහොමද හසිරුනේ.ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සාධරණය කරමින් වැඩසටහන් තිබුණා. මේවැනි තත්ත්වයක් තිබුණා. ආණ්ඩුව රුපියල් බිලියන 11ක් වියදම් කර තිබෙනවා.එසේ නම් ආණ්ඩුවක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන මාධ්‍යවලට දන්වීම් අඩු කිරීමට අයිතියක් තිබෙනවා. රජයේ මාධ්‍ය විතරක් නොවේ බලන්න ඕන පෞද්ගලික මාධ්‍ය ගැනත් බලන්න ඕන.අයි.ටී.එන් සේවකයන්ට දක්වන අනුකම්පාව ඔබගේ ආයතනයේ මාධ්‍යවේදීන්ටත් දක්වන්න කියා කියනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    රටේ මාධ්‍ය කලාවට පැහැදිළි විනය පද්ධතියක් අවශ්‍යයි- පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ  

    අපට මාධ්‍ය නිදහස රටට අවශ්‍යයි.මේ රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයන්න නම් නිදහස් ජනමාධ්‍යයක් තිබිය  යුතුයි.කිසිම වෙලාවක මේ වසර තුනේ අප මාධ්යයට අත් තියලා නෑ. පෑනට අත තියලා නෑ.රටේ මාධ්‍ය කලාවට පැහැදිළි විනය පද්ධතියක් අවශ්‍යයි. ඉන් කියන්නේ මාධ්‍ය මර්දනය නොවේ. සියල්ල ආරක්ෂා විය යුතුයි. ජල  මාධ්‍ය සංකෘතිය මේ රටේ ඇති කරන්නේ නෑ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya