අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී හමුදාව රසායනික අවි හෝ පොකුරු බෝම්බ භාවිතා කර නෑ- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    ජනවාරි 09, 2019

    ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී මෙරට හමුදාව රසායනික අවි හෝ පොකුරු බෝම්බ භාවිතා කර නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    රසායනික අවි සම්මුතිය පිළිබඳ (සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී මන්ත්‍රීවරු කළ ප්‍රකාශවලට, පැහැදිළි කිරීමක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    රසායනික අවි ආයුධ හෝ පොකුරු බෝම්බ භාවිත කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ද නැතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා,ඇතැමුන් දේශපාලන වාසි තකා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවද කීය.

    ජාතිවාදි ලෙස බලා ගැටළු අති කිරීමට කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයකි. මේ සඳහා කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් අපට අවශ්‍යනැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරනය කළේ ය.

    පසුගිය දා සිදු වූ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ත්විවිධ හමුදාව උතුර හා නඟෙනහිර ජනතාවගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බවද වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya