අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ඉහළට

    ජනවාරි 09, 2019

    සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමි විය.

    පසුගිය වසරේ දී (2018) සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැළකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි  2018/19 වර්ෂය සදහා නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදනු  ලැබිණි.

    ඒ අනුව 2018/19 වර්ෂයේ දී  රෝහල් ගත වීමක දී රු. 200,000 ක් ද රජයේ රෝහලක හෝ රජයේ ආයුර්වේද රෝහලක නොගෙවන වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවක දී රු.3,000 ක  දෛනික දීමනාවක් ද  බාහිර ප්‍රතිකාරවලදී රු. 20,000 ක් ද මාපියන් හෝ භාරකරු වියෝවකදී එක් අයෙකු සඳහා රු. 200,000 ක් ද ශිෂ්‍ය වියෝවකදී අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රු. 150,000 ක් ද පුර්ණ හා සදාකාලීක අබලතා සදහා වාර්ෂිකව රු. 50,000 සිට රු. 200,000 ක් ද අසාධ්‍ය රෝග ආවරණය යටතේ රු. 200,000 ක්  ලෙස ද සිසුන්ට සහ මාපියන්ට ප්‍රතිලාභ  හිමිවෙයි 

    2018 වර්ෂයට සාපේක්ෂව 2019 වර්ෂයේ දී ලබාදෙන ප්‍රතිලාභවල වැඩිවීම

    රැකවරණ අවස්ථා

    ප්‍රතිලාභය

    2018

    2019

    රෝහල්/ රෝග ප්‍රතිලාභ

    ·         නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ (රජයේ/පුද්ගලික)

    ·         රජයේ රෝහල් ගතවීම (දිනකට)

    ·         බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ

    200,000

    1,000

    10,000

    200,000

    3,000

    20,000

    අනතුරු ප්‍රතිලාභ

    ·         පුර්ණ සදාකාලික ආබාධ සඳහා

    100,000

    50,000-100,000

    200,000

    50,000- 200,000

    වියෝව/ මියයාම

    ·         මාපිය වියෝවකදී

    ·         ශිෂ්‍ය වියෝවකදී අවමංගල්‍ය සහන

    75,000

    100,000

    200,000(එක් අයෙකු සඳහා)

    150,000

    අසාධ්‍ය රෝග ප්‍රතිලාභ

    -

    200,000 (හෝ ඊට වැඩි)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya