මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසිරිමත් නත්තල අදයි

    දෙසැම්බර් 25, 2018

    සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදයි.

    ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීහු අද මේ අසිරිමත් උපන් දිනය සමරති.

    දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලයම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අපද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවය.

    සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබමොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැයි අද රටපුරා සෑම දෙව් මැදුරකම ගැයෙන බැතිගීවල නාදය වනු ඇත.
    ලක්වාසි කිතුණු ජනතාවද අද දෙවස්ථනවල ආගමික වැඩසටහන් පවත්වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya