මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි සහ මුලතිව්වල ගංවතුරෙන් අවතැන්වූ දමිළ සිවිල් වැසියන් සියගණනක් මුදාගනි

    දෙසැම්බර් 24, 2018

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ රත්තිනපුරම්, ආනන්දපුරම්, කනකම්බිකුලම්, මරදනගර්, පන්නන්කන්ඩි, ධර්මපුරම්, පුලියන්පොක්කනි, පරන්තරන්, කුඩියඉරිප්පු, උරියන්, කන්දවාලි, මාන්කුලම් ප්‍රදේශයන් සහ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ මනන්කන්දල්, කව්වාලකන්ඩල්, කොඩාඩිකල්ලු, කේජනාගරත්නපුරම්, විද්‍යාපුරම්, උදයාරකට්ටු, කුරුවිල්කුලම් ප්‍රදේශයන්හි පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණයත් සමඟ අඳහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ සිවිල් වැසියන් 2968 කට පමණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් සහනාධාර, පිසු ආහාර, නවාතැන් පහසුකම්, වෛද්‍ය ආධාර සහ සනීපාරක්‍ෂණ පහසුකම් ලබාදෙනු ලබයි.

    ඒ අනුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 230 කට අධික පිරිසක් වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යටවු ප්‍රදේශයන්හි සෙනසුරාදා (22) දින ගලවාගැනිමේ මෙහෙයුම්වල නිරතවිය. කිලිනොච්චි ප්‍රදේශයේ සිදුකරනු ලැබූ ගලවාගැනීමේ මෙහෙයුම් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා මහතාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබීය.

    පවතින අයහපත් කාලගුණයත් සමග අඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි ඕලුමඩු හා පුලිමුච්චුනාඩුකුලම් වැවේහි ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහල ගොස් වැව් බැමිවල ජලය කාන්දුවෙමින් පවතින බව සෙනසුරාදා (22) දින සැලවූ වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයින් වැව් බැමි බිඳියාම වැලැක්වීමට කටයුතු කළහ.

    ඒ අනුව, 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනාවේ සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 42 ක් පමණ යුහුසුළුව ක්‍රියාත්මක වී වැව් බැම්මේ ජලය කාන්දුවන ස්ථානය වටා වැලිකොට්ටා 838 ක් පමණ අතුරා වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

    එමෙන්ම, පවතින අයහපත් කාලගුණයත් සමඟ අඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් මූලතිව් දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවී ඇති මනන්කන්දල්, කව්වාලකන්ඩල්, කොඩාඩිකල්ලු, කනගාරත්නපුරම්, විද්‍යාපුරම්, උදයාරකට්ටු, කුරුවිල්කුලම් ප්‍රදේශයන්හි මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් තවදුරටත් ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් දියත් කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya