අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික වැසි තත්ත්වය දිස්ත්‍රික්ක තුනකට බලපායි- හදිසි ඇමතුම් සඳහා 117අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි - ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය

    දෙසැම්බර් 24, 2018

    අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට ආපදා ත්ත්වය බලපා තිබේ.මුලතිව්,කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක වල 5000කට අධික ජනතාවක් පිඩාවට පත් වි ඇති අතර මේ වන විට ඔවුන් තාවකාලික රැඳවුම් කඳවුරුවල රඳවා ඇති බවආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.


    මේ විට බොහෝ ප්‍රදේශවල ජලය බැස යන බවත්, මුලතිව් කොමණමුනේ ප්‍රදේශයේ දි පස් කන්දකට යට වු 5 දෙනෙක් බේරා ගැනිමට යුද හමුදාව සමත් වි තිබේ.
    විශේෂයෙන් පුත්තලම පරණ මන්නාරම් මාර්ගය මේ වන විට ද ජලයෙන් යට වි ඇති අතර හානි වු නිවාසක් සඳහා රු.10,000/= ක අත්තිකාරමක් මුදලක් ද ලබා දෙන අතර සහන සේවා දිගින් දිගට ම ක්‍රියාත්මක වන බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.


    ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ආපදාවට පත් වු ජනතාව වෙනුවෙන් දිවා - රාත්‍රි නොබලා කටයුතු කරමින් සිටියි.හදිසි ඇමතුම් සඳහා 117 සහ දුරකතන ඇමතුම් අංකය පැය 24 පුරා ම ක්‍රියාත්මක බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya