මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ බුද්ධිමත් තරුණ තරුණියන්ට රැකියාභිමුඛ උපාධියක්- අමාත්‍ය රාවුෆ් හකීම්

    දෙසැම්බර් 23, 2018

    රටේ බුද්ධිමත් තරුණ තරුණියන්ට රැකියාභිමුඛ උපාධියක් ලබා ඩීම අරමුණ බව නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය

     උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දී ස්වකීය රාජකාරී ආරම්භ කරමින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.

    එය කෙටි කාලීනව ඉටුකර ගැනීම අපහසු වුවත් එය සිදු කළ යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා,විශ්වවිද්‍යාල සිසුන් සමඟ සුහදව ගැටලු නිරාකරණය කිරීමටත් බලාපොරොත්තු වන බව පැවසී ය.

    ''ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා, “අවුරුදු 20 දී කිසියම් තරුණයක් විප්ලවවාදියෙක් වුණේ නැත්නම් ඔහුගේ මොළයේ කිසියම් අඩුවක් තිබෙන බවත් එමෙන් ම අවුරුදු 40 දීත් ඔහු එම අදහස් ඉවත් කර ගත්තේ නැත්නම් එය ද ඔහුගේ මොළයේ අඩුපාඩුවක්” බව. අපි මෙය අවබෝධකරගෙන තිබිය යුතු යි. ගැටලු විසඳන්නට නම් අනිවාර්යයෙන් ම ඒ පිළිබඳ අප අවබෝධයකින් සිටිය යුතු යි.''

    ''ලැබී තිබෙන කෙටි කාලය තුළ විශාල යමක් කරන්නට අපට අපහසු වෙයි. නමුත් ඒ තුළ අපට කළ හැකි උපරිමය රට වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ‘රැකියාභිමුඛ උපාධියක්’ මේ රටේ උගත් තරුණ තරුණියන්ට ලබාදීම අපේ අරමුණයි. එම කටයුත්ත සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව ද සමඟ එක්ව කටයුතු කරන්නට අපේක්ෂා කරනවා'' යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya