මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයට එරෙහිව නීතිමය පියවර

    දෙසැම්බර් 23, 2018

    ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නිත්‍යනුකූලව පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට  පසුගිය දා කොළඹ පැවැති වැඩමුළුවකට සහභාගී වෙමිනි.  

    ප්‍රතිජීවක ඖෂධ වැරදි ලෙස භාවිත කිරීම අද වන විට ජාත්‍යන්තර අර්බුදයක් වී ඇතැයිද ඖෂධ අවභාවිතා කරන්නන්ට එරෙහිව ඉදිරියේ දැඩි නීති ක්‍රියාත්මක කරන අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මේ සම්බන්ධව අමාත්‍යංශය මට්ටමින් සිදු කළ හැකි උපරිම කාර්යයන් කඩිනමින් සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

    වසර 2050 වන විට මිලියන 20ක් පමණ දෙනා ප්‍රතිජීවක වැරදි ලෙස භාවිතා කිරීම නිසා මරණයට පත් වන බවත් ජාත්‍යන්තර ගැ‍ටළුවක් බවට පත්ව ඇති මෙයට දැන් සිටම අප මුහුණ දිය යුතු බවත් මේ අවස්ථාවට එක් වූ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya