මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ තෝරාගත් ගම්මානවල ව්‍යාපෘති ආරම්භ කිරීමේ මාතර දිස්ත්‍රික් උත්සවය කිරින්ද - පුහුල්වැල්ලේ දී

    දෙසැම්බර් 23, 2018

    ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 48 හි ව්‍යාපෘති ආරම්භ කිරීමේ මාතර දිස්ත්‍රික් උත්සවය පසුගිය දින කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිරින්ද මගින් ඉහළ මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ සංස්කෘතික මධ්‍යස්ථානය අසළ දී පැවැත්විණි.


    මෙහි දී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මැතිතුමා විසින් අතිගරු ජනාධිපති තුමාගේ විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.
    ග්‍රාම ශක්ති ව්‍යාපාරය යටතේ කිරින්ද - පුහුල්වැල්ල ශ්‍රි සාරානන්ද මාවත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව පැවසුවේ මෙය ඉතාම කාලෝචිත හා ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු කර්තව්‍යයක් බවයි. එමෙන්ම කිරින්ද මාතෘ නිවාසය පිහිටා තිබෙන්නේ ද මෙම මාර්ගයේ බැවින් මාර්ගය සංවර්ධනය කිරීම මගින් රෝහල කරා යන රෝගී ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම වැළැක්වෙන බව ඔවුහු තවදුරටත් පැවසූහ. 

    රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් මාතර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ග්‍රාම නිලධාරී වසම් 3 බැගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ග්‍රාම නිලධාරී වසම් 48 ක් තෝරාගෙන තිබේ.
    ප්‍රජාපාලිත / නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මානවල ග්‍රාම සංවර්ධන සැලැස්මට අනුව එක් ග්‍රාම නිලධාරී වසමකින් තෝරාගත් ඒක් ව්‍යාපෘතියක් අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශිය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර අනෙකුත් ගම්මාන සඳහා අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සහකාර ප්‍රාදේශිය ලේකම්ගේ හා සහකාර අධ්‍යක්ෂගේ (සැලසුම්) ප්‍රධානත්වෙයන් ආරම්භ කරන ලදි. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම ශක්ති සමිති පනහක් (50) ලියාපදිංචි කර ඇත.
    සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේ දී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන, ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේ දී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ජීවන මාර්ග දියුණු කරගැනීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැඳ ගැනීම තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂිකාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ.

    සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සඳහා ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ.

    2017 – 2020 වසර හතරක කාලසීමාවක් තුළ ඉලක්කගත වැඩපිළිවෙලක් අනුව ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැංවේ. මේ යටතේ වර්ෂ 2020 වන විට ගම් 15,000 ක ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.

    වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ දිවයිනේ ප‍්‍රජා පාලිත ග්‍රාම නිලධාරී වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය. ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4 ක කාලයක් සඳහා ග‍්‍රාම නිලධාරී වසම් සඳහා ඝෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.

    දිස්ත්‍රික් උත්සවය සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් චින්තක අබේවික්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාම ශක්ති සමිති නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වීසිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya