මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්හි තවත් ඉඩම් අක්කර 45.28 ක් නිදහස් කෙරේ

    දෙසැම්බර් 23, 2018

    පෞද්ගලික හා රාජ්‍ය ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කරන ලද උතුරු පළාතේ කරච්චි, කන්දවේලි, පුදුකුඩිඉරිප්පු සහ තුනුක්කායි ප්‍රදේශයන්හි තවත් ඉඩම් අක්කර 45.28 ක් බදාදා (19) දින නිදහස් කරන ලදි.

    ඒ අනුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් මෙලෙස නිදහස් කරන ලද ඉඩම් සඳහා වූ නිල ලේඛන කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. අරුමයිනෙයාගම් මහතාට සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිෂ්වරම් මහත්මිය වෙත සංකේතාත්මකව කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ පැවැති උත්සවයක දී භාරදුන්හ.

    එහිදි නිදහස් කරන ලද ඉඩම් අක්කර 45.28 න්, කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 35.95 ක්, කන්දවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 04 ක්, පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 05 ක් සහ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 0.33 ක ප්‍රමාණයක් නිත්‍යානුකූල ඉඩම් හිමියන්ට ලබාදීම සඳහා මෙලෙස නිදහස් කරන ලදි.

    මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා , 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම මහතා , 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වුහ.

    SL Army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya