අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පාද වන්දනා සමය අද සිට ඇරඹේ

    දෙසැම්බර් 22, 2018

    ශ්‍රී පාද වන්දනා සමය අදට (22)යෙදී තිබෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ.

    කුරුවිට - පලාබද්දල රජමාවත ඔස්සේ වැඩම කරන පෙරහර ශ්‍රී පාද පත්මය වෙත අද (22) උදෑසන වැඩම කිරීමට නියමිත අතර අනතුරුව ශ්‍රී පාද නාහිමියන්ගේ හා සංඝරත්නයේ සේත් පිරිත් මධ්‍යයේ සුභ නැකතින් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමට නියමිතය.

     පසුගිය වසරේදී මෙන්ම මෙවරද සධාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ රැගත් පෙරහර තුනක් හැටන් මාර්ගයෙන්, කුරුවිට- පලාබද්දල මාර්ගයෙන් හා බලන්ගොඩ- බගවන්තලාව මාර්ගයෙන් ඊයේ(21) උදෑසන පිටත් වී ඇත.පෙරවසර වලදී මෙන්ම මෙවරත් වන්දනා සමය අවසන් වන තුරු පොලිස් මුරපොළවල් යොදා ඇති බව රත්න්පුර පොලීසිය රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමකට පිළිතුරු දෙමින් සඳහන් කරන ලදී.

     මේ අතර නල්ලතන්නිය, ශ්‍රී පාද මාර්ගයෙන් හා රත්නපුර පලාබද්දල,රජමාවත මාර්ගයෙන් පැමිණෙන වන්දනාකරුවන් සඳහා සියළු පහසුකම් සපයා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya