අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම ශක්ති ජනතා සමිති බලගැන්වීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන මිනිපේදී

    දෙසැම්බර් 21, 2018

    ග්‍රාමසේවා වසම් දහසක ජීවනෝපාය හා යටිතල පහසුකම් රුපියල් ලක්ෂ දසදහසකින් බලගන්වන ග්‍රාම ශක්ති ජනතා සමිති වැඩසටහන ආරම්භ කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (20) මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අසමෝදගම්යාය ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී.

    මහනුවර දිසාපති ඩී.එම්.එන්.පී.ජී තිස්ස කරුණාරත්න මහතා ප්‍රමුඛ රජයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයේදී අසමෝදගම්යාය දකුණ ඉවුර ඇල මර්ගය සහ එහි පැති වේලි කොන්ක්‍රිට් කිරීමේ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.

    ග්‍රාම ශක්ති වැඩසටහන සදහා 2018 වසර වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය වෙත රුපියල් මිලියන 68 කට ආසන්න මුදලක් වෙන් කොට තිබේ. ඒ අතරින් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා රුපියල් මිලියන තුනහාමරකට වැඩි මුදලක් වෙන් කොට තිබෙන අතර, අසමෝදගම්යාය දකුණු ඉවුරු ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නේ යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya